කොවිඩ් ආසාදිත මරණ ගණන 618ක් දක්වා ඉහළට


මෙරට 618වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි පිටබැද්දර ප්‍රදේශයේ පදිංවිව සිටි පිරිමි පුද්ගලයෙකි.

එම පුද්ගලයා මහරගම අපේක්ෂා රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී ඊයේ (17) මියගොස් ඇත.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර ලියුකේමියා තත්ත්වය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles