කොවිඩ් ආසාදාතියන් ගණන 1880යි - ඊයේ තිදෙනෙක් හඳුනාගනියි


ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව තිදෙනෙක් වන අතර ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1880ක් දක්වා වර්ධනය වී තිබේ.

ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙක් නාවික හමුදා රණවිරුවන් වන අතර අනෙක් පුද්ගලයා කුවේටයේ සිට පැමිනි අයෙකි.

කොවිඩ් ආසාදිතයින්ගෙන් 1196දෙනෙකු මේ වන විට සූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 673 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.

ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.

 



Recommended Articles