කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා සාමාජිකයන් ගණන 790 දක්වා ඉහළට


කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 04ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික හමුදා පුද්ගලයින් 04 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 790 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇ​ත.



Recommended Articles