කොව්ඩ් ආසාදිත මරණ 532ක් දක්වා ඉහළට


කොවිඩ් -19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 532කි.

මරණයට පත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි කාන්තාවක්, ගම්පහ පදිංචි 76 හැවිරිදි කාන්තාවක්, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, පමුණුගම ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ කළුතර උතුර පදිංචි 94 හැවිරිදි කාන්තාවකි.

 



Recommended Articles