කොරෝනා රෝගියෙක් නිසා රාගම පෞද්ගලික රෝහලක් වසයි


රාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ එම රෝහලේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසාවෙනි.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ එම රෝහලේ නිලධාරියාගේ සමීප ආශ්‍රිතයින් බව සැලකෙන රෝහලේම සේවකයින් කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කරයි.



Recommended Articles