කොරෝනා ආසාදිතයන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බවට තොරතුරු අසත්‍යයි


කොරෝනා ආසාදිතයන් දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වී ඇති බවට සඳහන් කරමින් විවිධ කටකතා හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර සංවිධානාත්මකව පතුරුවන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා ආසාදිතයන් පිළිබඳව කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය විසින් හෝ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසි් නිකුත් කරන නින නිවේදන පමණක් විශ්වාස කරන ලෙස පොලීසිය සඳහන් කරයි.

එසේම අසත්‍ය ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.



Recommended Articles