කොරියාවේ රාජ්‍ය සේවකයන් පිරිසක් ලංකාවේ සංචාරයකට


දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරත සේවකයින්ගෙන් සැදුම් ලත් බෞද්ධ සංගමයේ  නිලධාරීන්ගෙන් සමන්විත 37 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ දින 07 ක සංචාරයක් සදහා 07/29 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

2000  වසරේ දී එරට රාජ්‍ය ආයතන 47 ක සේවය කරන බෞද්ධ ආගමික  සේවකයින්ගෙන් මෙම බෞද්ධ සංගමය ස්ථාපිත කර තිබේ. මෙම දකුණු කොරියානු බෞද්ධ සංගමයේ නිලධාරීන් පිරිස  අනුරාධපුරය , මිහින්තලය , සීගිරිය , පොළොන්නරුව , දඹුල්ල , මාතලේ අලුවිහාරය , මහනුවර දළදා මාළිගාව නැරඹීමට නියමිතය . මීට අමතරව නුවරඑළිය තේ කර්මාන්තශාලාවක් , පින්නවල අලි අනාථාගාරය සහ ජාතික කෞතුකාගාරය සහ අහුන්ගල්ල වෙරළ තීරය ද නැරඹීමට නියමිතය .

මෙම බෞද්ධ සංගමයේ නිලධාරීන්   පිරිස 07/29 දින සවස 05.00 ට දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන තනූජා මුනිවීර සහ හරේන්ද්‍රා විජේවර්ධන සහ කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩල කවුන්ටර කළමනාකරු වාසනා කුමාරි මහත්මිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .



Recommended Articles