කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට


කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනො වෙඩි තැබීම සිදු කර සුළු මොහොතකින් අත්අඩංගුවට පත් වූ අතර, පසුව ඔවුන් ඊයේ(21දා) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට පොලීසිය විසින් රැගෙන ගොස් තිබේ.

එහිදී පොලීසිය සතු ගිනිඅවිය උදුරාගෙන වෙඩි තැබීමට උත්සහ කිරීමේදී මෙලෙස පොලීසිය වෙඩි තබා ඇත.

මෙහිසී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.



Recommended Articles