කොළඹ කොටස් හුවමාරුව අද දිනයේදී දැවැන්ත කඩා වැටීමකට ලක්විය. ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකක -712ක් තරම් වූ ප්‍රමාණයකින් එනම් සියයට -4.64කින් කඩා වැටීමට ලක්විය.
දිනය අවසන් වන විට සමස්ත මිල දර්ශකය ඒකක 14 660ක් ලෙස සටහන් විය.මීට අමතරව එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක -268 කින් එනම් සියයට -5.9කින් කඩා වැටීමකට ලක්විය.
දිනය අවසන් වන විට එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 4264ක් ලෙස සටහන් විය. දිනය අවසන් වන විට වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 6.4ක් ලෙස දැක්විය.