කේක්වල බටර්, බිත්තර හෝ මාගරින් නෑ


කේක් තුළ අන්තර්ගත ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා මෙරට තුළ තවමත් ප්‍රතිපාදන නොමැති බවත්, ඒ අනුව බොහොමයක් ලේබල් මත යොදා ඇති ද්‍රව්‍ය ව්‍යාජ වන බවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා අවධාරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ සමාගම් අතරින් බහුතරයක් සමාගම් කේක් නිෂ්පාදන කිරීම සඳහා බිත්තර හෝ බටර් හෝ මාගරින් වර්ග යොදා ගැනීම සිදු නොකරන බවයි.

ඒ අනුව  බටර් රසකාරක ද්‍රව්‍ය සහා කෘත්‍රිම බිත්තර රසකාරක වැඩි වශයෙන් නිෂ්පාදන තුළ අන්තර්ගත වී ඇති බවත්, වෙළෙඳ පොළෙන් ලබා ගන්නා කේක් තුළ බිත්තර හෝ බටර් හෝ මාගරින් යොදාගෙන සකසා නොමැති බව පාරිභෝගිකයන් මතක තබා ගත යුතු බවත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙවැනි ජාවාරම් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පවතින1980 අංක 26 දරන වසර 44කට පෙර හදන ලද ආහාර පනතේ නිසි දඬුවම් ලබා දීමට ප්‍රතිපාදන තවමත් සකස් වී නැති නොමැති බවයි.



Recommended Articles