කෙහෙළියගේ නමින් නම් කළ පාසලේ කෙහෙළියගේ නම ගලවය


මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාශයට අයත් කුණ්ඩසාලේ පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල ආදර් ශ ප්‍රාථමික විද්‍යාලයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර් ය එස්. බී .එස්  අභයකෝන් මහතා  අනුමැතිය  ලබා දී ඇත.

ඒ අනුව මෙම විද්‍යාලය මින් ඉදිරියට කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැදින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර් තමෙන්තුවේ ව්‍යුහ කමිටුව මගින් ඉදිරිපත් කොට තිබු යෝජනාවට අනුමැතිය ලබා දී ඇත. මේ සම්බන්ධයෙන්  දෙමව්පියන් , වෘත්තීය සමිති සහ ආදී සිසුන් වෙතින්  වරින් වර ඉදිරිපත් කර තිබු යෝජනා සැලකිල්ලට ගනිමින් දෙපාර් තමෙන්තුවේ ව්‍යුහ කමිටුවේ  නිර් දේශ ඉදිරිපත් කරනු ලැබිය.

මෙම අධ්‍යාපන කොට්ඨාශ යේ ප්‍රධාන ප්‍රාථමික විදුහල් අතරින් ප්‍රමුඛ විද්‍යාලයක් වන මෙම විද්‍යාලය 1939  එස්.ඩබ්ලිව්.ආර්. ඩි බණ්ඩාරනායක විදුහල නමින් ආරම්භ වී අතර, කලින් කල හදුන්වා දෙනු ලැබූ විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමිව  නත්තරම්පොත විද්‍යාලය, කුණ්ඩසාලේ මහා විදුහල වැනි නම් වලින් ද හදුන්වා ඇත.

මහවැලි සංවර් ධන යෝජනා ක්‍රමය යටතේ වික්ටෝරියා ජලාශය ඉදි කිරීමෙන් අනතුරුව ක්‍රමයෙන් එහි ගොඩනැගිලි ජලාශයට යට වූ අතර , කොටසක් දැනට ප්‍රධාන මාර් ගයට මුහුණ ලා පිහිටුවා ඇති බණ්ඩාරනායක ජාතික පාසල වෙත ගෙන යනු ලැබිය. කලක් වැසි යාමේ තර ජනයට ලක් වූ මෙම පාසල  ලගම පාසල හොදම පාසැල ව්‍යාපෘතිය යටතේ 2012 වසරේ දී කෙහෙළිය  රඹුක්වැල්ල   ප්‍රාථමික විද්‍යාලය යන නමින් නව ගොඩනැගිල්ලක් ඉදි කොට සංවර් ධනය කරනු ලැබිය .

 අද වන විට දරුවන් 530 දෙනෙකුට සිප් සෙවන සලසන මෙම විදුහලේ ගුරු මණ්ඩලය 23 කින් සමන්විත වේ. වත්මන් විදුහල්පති වරයා වන්නේ  ඩබ්ලිව්. ඒ.එම්. සි, කේ අධිපත්තු මහතා වේ . 

 

 



Recommended Articles