කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහජන දිනය සෑම මසකම පළමු සඳුදා


කෘෂිකර්ම, පශු සම්පත්‍, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මහජන දිනය සෑම මසකම පළමුවැනි සඳුදා දින පැවැත්වෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම මහජන උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතය. මහජන දිනය වෙනුවෙන් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නාමල් කරුණාරත්න, වෛද්‍ය සුසිල් රණසිංහ අමාත්‍යාංශ ලේකම් හා අමාත්‍යාංශය සතු සියලුම ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.



Recommended Articles