කුසලානය ලාංඡනය කරගත් නව සන්ධානයක් - අවබෝධතා ගිවිසුමකුත් අත්සන් කෙරේ


ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින්  කුසලානය ලාංඡනය සහිත නව සන්ධානයක් ස්ථාපිත කර තිබේ.

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ යන නමින් අද(05දා) එළිදැක්වුණු මෙම සන්ධානයේ සභාපතීත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  දරණ අතර, එහි ලේකම් ධුරය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් දරණු ලැබේ. 

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, එක්සත් මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, තමිල් මක්කල් විදුතලයි පුලික්කාල් පක්ෂය, ජාතික කොංග්‍රසය, එකස්ත් ජනතා පක්ෂය, ජාතික සමගි පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා බලවේගය නියෝජනය කරන සාමාජිකයක් එක්ව අවබෝධතා ගිවිසුමකට අත්සක් කිරීමටද කටයුතු කළහ. 



Recommended Articles