කීරි සම්බා වී කිලෝ 119,699 ක් මෝල් හිමියන්ට විකිණීමට මණ්ඩලය සැරසෙයි


2024 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන අම්පාර ,පරගහකැලේ ගබඩාවේ එක්රැස් කර තිබූ කීරි සම්බා වර්ගයේ වී කිලෝග්‍රෑම් 119,699 ක තොගයක් ටෙන්ඩර් පදනමින් වී  මෝල් හිමියන්ට  විකිණීමට වී අලෙවි මණ්ඩලය සැරසෙයි.

මේ සඳහා 2024 වසරේ වී අලෙවි මණ්ඩලයේ ලියා පදිංචි වී මෝල් හිමියන්ගෙන් ඊයේ ( 7) සිට මෙම මස 21 දක්වා වී අලෙවි මණ්ඩලයේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව මගින් මිල ගණන් කැඳවා ඇතැයි වී අලෙවි මණ්ඩලය පැවසීය .

ඒ අනුව මෙම වී තොග මිලදී ගැනීමට ඉල්ලුම් කල හැක්කේ 2024 දී වී අලෙවි මණ්ඩලය යටතේ ලියා පදිංචි වී මෝල් හිමියන්ට පමණි.

ජේ. ඉඳුරුවගේ



Recommended Articles