කැස්බෑවෙන් කොවිඩ් ආසාදිතයන් 22ක්


කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ ස්ථාන හතරකින් කොරෝනා ආසාදිතයින්  විසි දෙදෙනෙකු (21) දා වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඒ අතර හල්පිට ප්‍රදේශයේ පවුල් හයකට අයත්  පුද්ගලයින් පහළොස් දෙනකුද කැස්බෑව අධිකරණය ඉදිරිපිට සුපිරි වෙළඳසැලක පුද්ගලයින් දෙදෙනෙකුද , පොල්හේන ප්‍රදේශයේ තිදෙනෙකු සහ මඩපාත  ප්‍රදේශයේ දෙදෙනකු ද  වන බව කියයි .

බල ප්‍රදේශයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හැත්තෑ දෙනෙකු ඉලක්ක කරගනිමින් ඉකුත් 19 දා සිදුකළ පී.සී.ආර්  පරීක්ෂණයේදී මෙම ආසාදිතයින් 22  වාර්තා වූ බව කියයි .

ඒ අනුව  කැස්බෑව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලෙහි සේවකයින් තිස් දෙදෙනෙකු ස්වයං නිරෝධායනය ලක් කොට එම වෙළඳසැල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසයි .

මේ අතර සුපිරි වෙළෙඳසලෙහි ආශ්‍රිතයින්  තිස් දෙදෙනා ඇතුළු  අසූ පස් දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කල බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා පරීක්ෂණ පවත්වන  බවත් පැවසේ .

ඔවුන්  එළඹෙන 23 දා පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය .

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

 



Recommended Articles