කැස්බෑව හා පිළියන්දල පීසීආර් පරීක්ෂණයට ලක් කළ 113 කට කොරෝනා නෑ


බිමල් ෂ්‍යාමන් ජයසිංහ

කැස්බෑව හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වල පුද්ගලයන් 113 දෙනෙකුට 16 වෙනිදා සිදු කල පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් ඔවුන් කිසිවෙකුට කොවිඩ් 19  වෛරසය ආසාදිත වී නොමැති බවට සිකුරාදා 17 රාත්‍රි ලද වෛද්‍ය වාර්තාවලින් සනාථ වූ බව  පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

කොවිඩ් 19 වෛරසය   ආසාදිතයකු වූ  කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීයා පිළියන්දල දැල්තර ඔහුගේ මවගේ නිවසට පැමිණ පිළියන්දල සහ දැල්තර ප්‍රදේශ වල නිවාස සහ වෙලෙඳ සැල් වලට යාම හේතුවෙන් එම නිවාස වල පදිංචි කරුවන් සහ වෙළෙඳ සැල් වල සේවක සේවිකාවන් එදින පීසීආර් පරීක්ෂණයට ලක් කෙරිණි .

පුද්ගලයන් 114 දෙනෙකු සදහා  17 වෙනි දින සිදු කළ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බව  වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය .



Recommended Articles