කැබිනට් සංශෝධනයක් - සෞඛ්‍ය කෙහෙළිය​ට - නාමල්ට තවත් ඇමතිකමක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අමාත්‍ය මණ්ඩල  සංශෝධනයක් සිදු කර තිබේ.

ඒ අනුව පත් කරන ලද නව අමාත්‍යවරුන් පහතින්,

  •  සෞඛ්‍ය අමාත්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල
  •  විදේශ කටයුතු අමාත්‍ය - G.L පීරිස්
  •  ජනමාධ්‍ය අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම
  •  විදුලිබල අමාත්‍ය - ගාමිණී ලොකුගේ
  •  අධ්‍යාපන අමාත්‍ය - දිනේෂ් ගුණවර්ධන
  •  ප්‍රවාහන අමාත්‍ය - පවිත්‍රා වන්නිආරච්චි
  •  සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය - නාමල් රාජපක්ෂ

නාමල් රාජපක්ෂ මහතා තරුණ කටයුතු හා ක්‍රීඩා කැබිනට් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි. එසේම ඔහු ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි. 



Recommended Articles