කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්


කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට නියමිතය. එම අධීක්ෂණ මණ්ඩලය සඳහා සුදුසුකම් හා අත්දැකීම් ඇති අය පත් කිරීමට නියමිත බව ද වාර්තා විය.

ඒ අනුව කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කර එම කටයුතුවල ප්‍රගතිය ජනාධිපතිවරයාට වාර්තා කිරීම මෙම අධීක්ෂණ මණ්ඩලවලට පැවරෙන වගකීම වේ. නව අමාත්‍ය මණ්ඩලයට ද කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ ලබාදී ඇති අතර, ඒ අනුව කටයුතු කරන්නේ දැයි යන්න පිළිබඳවත්, එක් එක් අමාත්‍යාංශවල කාර්ය හා ප්‍රගතිය මෙම අධීක්ෂණ මණ්ඩලය ඔස්සේ සමාලෝචනය කිරීමට නියමිත බවත් වාර්තා වේ.

අමාත්‍යවරුන් තම කාර්ය හා ඉලක්ක නිසියාකාරව සපුරා ගැනීමට අසමත් වුවහොත් ඒ සඳහා ද අදාළ පියවර ගන්නා බව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. මේ අතර සියලුම අමාත්‍යාංශ සඳහා ක්‍රියාකාරී කමිටු පත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා විය. 



Recommended Articles