අයහපත් කාලගුණයෙන් වගා හානි වූ තමන්ටද වන්දි මුදලක් ලබා දෙන ලෙස වගා හානියට පත් උඩරට එළවළු ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.
වී, ලොකු ලූනු, අර්තාපල් ඇතුළු බෝග වර්ග හයකට රජයෙන් වන්දි මුදල් ලබා දෙන බව දැනට පවසා ඇති වුවත් අර්තාපල් හැර උඩරට වෙනත් බෝග වගා සඳහා වන්දි මුදලක් ලබා දීමට රජය පියවර ගෙන නොමැති බවත් උඩරට ගොවීහු පවසති.
තමන් වගා කළ ලීක්ස්, කැරට්, බෝංචි, බීට්රූට්, සලාද, රාබු, නෝ කෝල්, මාළු මිරිස්, තක්කාලි, ගෝවා අතු ගෝවා යනාදී වෙනත් උඩරට එළවළු වර්ග වගා කරන ලද වගා බිම් රැසක් පසුගිය දිනවල පැවති ගංවතුර හා අනෙකුත් ආපදා හේතුවෙන් විනාශයට පත්ව ඇතයි එළවළු ගොවීහු කියති.
කඳපොළ ප්ර්දේශයේ එළවළු වගාවන්ට ගංවතුර ගැලීම හේතුවෙන් දැඩි හානියට පත්ව ඇති බවත්, නුවරඑළිය දිස්ත්රිතක්කයේ අනෙකුත් ප්රාදේශවල උඩරට එළවළු වගා කොට තිබූ පහත් බිම් රැසක් ජලයෙන් යට වී යාම හේතුවෙන් ඒවායේ වගා කොට තිබූ එළවළු වර්ග ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති ඔවුහු පෙන්වා දෙති.
බැංකුවලින් ණය මුදල් ලබා ගෙන හා තමන් සන්තකයේ තිබූ කණකර ආභරණ බැංකු හා අනෙකුත් මූල්යද ආයතනවලට උකස් තබා එළවළු වගාවන්හි තමන් නිරත වන බවත්, මේ හේතුවෙන් දැඩි අසරණ තත්ත්වයට හා ආර්ථික අපහසුතාවලට ලක්ව ඇති බවත් ගොවීහු පවසති.
උඩරට එළවළු වගා බිම්වලට සිදුව ඇති හානිය පිළිබඳ වගා බිම්වලට පැමිණ පරීක්ෂා කොට බලා කඩිනමින් සුදුසු වන්දි මුදලක් තමන්ට ද ලබා දෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
ශාන් හුලංනුගේ