ක්‍රීඩාව හරීන්ට - වාරි මාර්ග පවිත්‍රාට


රෝෂාන් රණසිංහ මහතා අමාත්‍යධුරවලින් ඉවත් කිරීමෙන් පසුව ඔහු දැරූ අමාත්‍යධුර මේ වන විට අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතාට හා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබාදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතාට දැනට දරන අමාත්‍යධුරවලට අමතරව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යධුරයත්, පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට දැනට දරණ අමාත්‍යධුරවලට අමතරව වාරි මාර්ග අමාත්‍යධුරයත් ලබාදී තිබේ.

 



Recommended Articles