ක්‍රිකට් ලොක්කන් නෙරපා හරින යෝජනාව ඒකමතිකව සම්මතයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සභාපති  ඇතුළු නිලධාරීන් ඉවත් කිරීමේ යෝජනාව අද (9)  පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව  සම්මත විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

යෝජනාව සළකා බැලූණු  අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමක් ඉල්ලමින්  දිගින් දිගටම  හඬ නැගුහ. මෙහිදී සභාව ඇමතූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ යෝජනාව මුලදී ඒකමතිකව සම්මතවූ බවයි.

යෝජනාවට සභාවේ අනුමැතිය ඒකමතිකව ලැබී ඇති හෙයින්  ඡන්ද විමසීමක්  අවශ්‍ය නොවන බවද  ඔහු  ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දයක් ඉල්ලා  දිගින් දිගටම ඝෝෂා කරනු දැකගත හැකිවිය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විවාදයේ පිළිතුරු කතාව කළේය.

 



Recommended Articles