ක්ලබ් වසන්ත ඝාතනයට ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු 6ක් අල්ලයි


ප්‍රකට ව්‍යාපාරික සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එම අත්අඩංගුවට ගත් පිරිස අතර අතුරුගිරිය මංසන්ධියේ විවෘත කළ ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුද වන බව වාර්තා වෙයි.

ඊට අමතරව වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදුන් පුද්ගලයන්ද ඒ අතර සිටින බව පොලීසිය කියයි.

 වෙඩි තැබීම පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් ද පත් කර තිබෙනවා.



Recommended Articles