කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් 366ක්


කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 366 දෙනකු මේ වන විට වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයෙන් රෝගීන් 272 සහ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය  බල ප්‍රදේශයෙන් රෝගීන් 94 දෙනෙකු ඒ අතර වේ .

බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ  වසරක් සහ මාස එකක් වයස බිළිඳෙකුට හා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින බේරුවල ප්‍රදේශයේ සිසුවෙකුට  කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි ගීගනගේ මහතා කීය .

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  බල ප්‍රදේශයෙන් රෝගීන් 59, කළුතර  35, මතුගම  56 , හොරණ 44, පානදුර  41, බණ්ඩාරගම  41, අගලවත්ත 16 ,  වලල්ලාවිට 16 ,වාද්දුව  25 , මිල්ලනිය  12, පාලින්දනුවර  08, මදුරාවල  06 ,බුලත්සිංහල  03 ,දොඩංගොඩ  02 හා ඉංගිරිය  2 වශයෙනි.

හැකිතාක් දුරට  සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද උපයෝගි කරගෙන  සංචරණ සීමා කරගෙන  නිවෙස්වල රැඳී සිටින ලෙස  ගීගනගේ මහතා ජනතාවගෙන් වැඩි වැඩිදුරටත් ඉල්ලා සිටියි



Recommended Articles