කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 762 වාර්තා වෙයි


කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15  තුළ කොරෝනා වෛරසය  ආසාදිත රෝගීන් 762 දෙනෙකු අද 13 දිනට වාර්තා වී ඇතැයි  කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

එම රෝගීන් පිරිස අතර ගැබිණි මවුවරුන් 11 හා විවිධ රෝගාබාධ තිබෙන පුද්ගලයන්  8 දෙනෙක් වන  බව  වෛද්‍ය රත්නායක මහතා කිය.

එයින් වැඩිම රෝගීන් පිරිස වන 116 දෙනකු වාර්තා වී ඇත්තේ  හොරණ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් බවත් බණ්ඩාරගම ,පානදුර හා  ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් ද  රෝගීන්ගෙන් වැඩි වීමක් දක්නට ඇතැයි  අධ්‍යක්ෂකවරයා කීය .

අගලවත්ත  රෝගීන් 22, බණ්ඩාරගම රෝගීන් 68 , බුලත්සිංහල රෝගීන්  41 ,දොඩංගොඩ රෝගීන් 3, බේරුවල  රෝගීන් 74 , ඉංගිරිය  රෝගීන් 84 , කළුතර  රෝගීන් 54 ,මදුරාවල රෝගීන්  40 මතුගම  රෝගීන් 67 , මිල්ලනිය  රෝගීන්  37, පාලින්දනුවර  රෝගීන්  11, පානදුර  රෝගීන්  63 , වාද්දුව රෝගීන් 60 හා වලල්ලාවිට  රෝගීන් 22 වශයෙන් වාර්තා වී ඇතැයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය

මේ හේතුවෙන් ඉංගිරිය හා හොරණ  පොලිස් බල ප්‍රදේශ දෙක සංචරණ සීමා පනවා ඇති අතර පානදුර පොලිස් බල ප්‍රදේශයේ  වෑකඩ බටහිර ග්‍රාම සේවා වසම  හුදෙකලා කර ඇත.

 

 



Recommended Articles