කරාඹු වැටුනාට වන්දි ඉල්ලයි


පසුගිය දිනවල එක දිගට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදෙශ රැසක ලපටි කරාඹු නටුවෙන් ගැලවී වැටීමෙන් විශාල අස්වනු හානියක් සිදුව ඇති බැවින් සුදුසු වන්දියක් ලබා දෙන ලෙස වගා කරුවන් රජයෙන් ඉල්ලයි. .

ලබන පෙබරවාරි මාසයේදී අස්වනු නෙලීමට තිබු කරාඹු පළදාව එක දිගට පැවැති වර්ෂාවත් සමග දින කීපයකින් හැලි ගොස් ඇති අතර මේ තත්වය හේතුවෙන් වගාකරුවන් ගැටළු රැසකට මුහුණ දී ඇති බව මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී අනාවරණය විය.

මාතලේ උකුවෙල, වැහිගල හා ඔිවිලි කන්ද ඇතුළු ප්‍රදේශ රැසක මෙම වගාහානිය සිදුව තිබේ.

මෙම තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැවැසුවේ , දින හතරක් පහක් වැනි කෙටි කාලයකින් ලපටි කරාඹු නටුවෙන් ගැලවීයාම නිසා ප්‍රතිකාරයක් කිරීමටවත් අවස්ථාවක් නොලැබුණ බවයි.

කෙසේ වුවද මේ වනවිට පර්යේෂණ කරමින් සිටින බවත්, මෙම වගාවන්වල පත්‍ර පුල්ලි දිලීර රෝගයක්ද පවතින බැවින් එහි බලපෑමක් ඇත්ද යන්නත් පර්යේෂණ කරන බව එම නිලධාරියා වැඩි දුරටත් පැවැසීය. කරාඹු අස්වැන්න මෙවර නෙලීමක් සිදුනොවන නොවන නිසා දළුදැමීමක් සිදුනොවන බැවින් ලබන කන්නයේද අස්වැන්න අහිමිවීමේ අවදානමක් පවතින බවද ගොවී නියෝජිතයින් මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම වගාවන් සදහා මුදල් ගෙවා රක්ෂණාවරණයක් ලබාගෙන තිබුණේ නම් රක්ෂණ වන්දියක් ගෙවිමට හැකියාව තිබු කෘෂි රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයන් මෙහිදී පැවැසීය.

දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව සදහා රාජ්‍ය නිලධාරින් ගොවි නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වුහ. ( I J )

මහේෂ් කිර්තිරත්න



Recommended Articles