කන්දකාඩු පොකුරේ කොවිඩ් ආසාදිතයන් ගණන 597ක්


කන්දකාඩු පොකුරේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 597ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ඊයේ (27දා) සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියින් 17කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගිනි.

පුනරුත්තාපනය වන රැඳවියන් 482ක්, කාර්ය මණ්ඩලය 65ක්, ආරාධිත කාර්ය මණ්ඩලය 05ක්, පවුල් හා සමීපතමයන් 44ක්
 වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් 19 වෛරසය ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුදගලයින් 01ක් ලෙස මෙසේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 23ක් වාර්තා වී තිබේ. ඉතිරි රෝගීන් 6 දෙනා වන්නේ කටාර් සිට පැමිණි 05ක් හා සෞදි අරාබියේ සිට පැමිණ 01කි. මොවුන්ද නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී තිබේ.



Recommended Articles