කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 629 - සුවය ලැබූවන් 427


අද උදෑසන වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් ආසාදිතයන් 629ක් වාර්තා වී තිබේ.

ඒ අතරින් පුද්ගලයන් 427ක් සුවය ලබා ඇති අතර තවත් පුද්ගලයන් 202ක් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 27ක් වාර්තා වූ අතර එයින් 23ක්ම සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.

ඉතිරි සිවුදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණි අයයි.



Recommended Articles