කන්දකාඩු පොකුරේ රෝගීන් 409කට සුවයි


කන්දකාඩු කෝවිඩ්-19 පොකුර සැලකීමේදී අද (09දා) දිනය වනවිට රෝගීන් හයසිය පස්දෙනාගෙන් හාරසිය නවයක් සුවය ලබා තිබේ.

පොදුවේ කෝවිඩ්-19 ආසාදිත වූ පුද්ගලයන්ගෙන් දෙදහස් පන්සිය හැත්තෑ නවයක් අද (09දා) දිනය වනවිට සුවය ලබා තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මීට අමතරව කෝවිඩ්-19 බවට සැකකරන රෝගීන් පනස්අටක් අද උදෑසන 10.00 පමණ වනවිට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවද එම අංශය පවසයි.

කෝවිඩ්-19 තත්ත්වය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන තිස්තුනක් තුළ පුද්ගලයන් එක්දහස් අටසිය පනස්හයක් නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර, විසිනවදහස් හයසිය විස්සක් නිරෝධායන කටයුතු අවසන් කර තිබේ.



Recommended Articles