කන්දකාඩු ආශ්‍රිතයන්ගෙන් හබරාදූව ලංකාපුර හා වැලිකන්දෙන් කොවිඩ් ආසාදිතයන්


ශ්‍රී ලංකාවේ නව කොවිඩ් ආසාදිත පොකුරක් වර්තා වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයන් පස් දෙනෙකු ඇතුළුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 10ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 2464ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී සුවවූ රෝගීන් වාර්තා නොවෙයි.

ශ්‍රී ලංකවේ රෝගීන් 11ක් මිය ගිය අතර තවත් රෝගීන් 473ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි

අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ විස්තර

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 4යි - නිරෝධායනට ලක්වෙමින් සිටින
කුවේට් සිට පැමිණි 1යි - නිරෝධායනට ලක්වෙමින් සිටින

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 5යි - රාජාංගනේ පදිංචි 1යි, හබරාදුව පදිංචි 1යි, වැලිකන්ද පදිංචි 2යි, ලංකාපුර පදිංචි 1යි



Recommended Articles