කථානායකගෙන් මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම් දීමක්


අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව හෙට( 14 දා) පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ එම විශේෂ රැස්වීම කැඳවීම, අංක 2423/04 යන 2025.02.10 දිනැතිව  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව හෙට පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට රැස්වෙන අතර එම රැස්වීමට පැමිණ සහභාගිවන ලෙස  කථානායකවරයා විසින් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට දැනුම් දී තිබේ.

 

 



Recommended Articles