ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය මඟින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉඳිකිරීමට නියමිත හෘද රෝග ප්‍රතිකාර ඒකකයට මුල්ගල තැබීම (16) දා පෙරවරුවේ සිදුකෙරිණි.
දේවාලයට බැතිමතුන්ගෙන් ලැබෙන පඩුරු සහ පරිත්‍යාගයන් මේ සඳහා වැයකෙරේ. මහල් තුනකින් සමන්විත මෙම හෘද රෝග ඒකකය සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන එකසිය පනහකි. ශ්‍රීලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වය මත නව හෘද රෝග ඒකකය මාස තුනක් වැනි කෙටි කාලයකදී ඉඳිකිරීමට නියමිතය.
ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක වැලියාය සිරි පියරතන පිරිවෙනේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත කන්දඋඩපංගුවේ සුධම්ම නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මුල්ගල තැබීම ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර,වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති ආර්.එම් ජයවර්ධන,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන,මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉරේෂා දිල්ශානී පතිරගේ,මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් මුණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රීලංකා යුද හමුදාවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මොනරාගල සුමනසිරි ගුණතිලක