කතරගමට විශාල බැතිමතුන් පිරිසක්


දින 04 ක පාසල් නිවාඩුව මත බැතිමතුන් විශාල පිරිසක් ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ සහ අවට සිද්ධාස්ථාන වෙත පැමිණියහ.

කතරගම ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික නවාතැන් පෙලවල් සියල්ල තුල බැතිමතුන් නවාතැන් ගෙන සිටිම මත නවාතැන් පෙලවල් හිගයක් ද පැවතුණි .

කතරගම දේවාලය දිවා රාත්‍රි වැඩි කාලයක් බැතිමතුන්ගේ පුද පුජා සදහා විවෘත  කර තිබුණි .

දින 03 ක් තුල බැතිමතුන් පනස්දහසක් පමණ  දේවාලය වැද පුදාගෙන  ඇති බව බස්නායක නිළමේ ඩිිෂාන් ගුණසේකර මහතා සදහන් කරනු ලදී .

කතරගම  කිරිවෙහෙර, අෂ්ඨ එළ බෝධිය, සෙල්ල කතරගම, ගනදේවාලය, වල්ලිවිහාරස්ථානය,  වැඩසිටි කන්ද, සිතුල්පව්ව තිස්සමහාරාමය පුදබිම්  බැතිමතුන් වන්දනා කල අතර යාල වන  උද්‍යානය  නැරඹීමට  ද විශාල පිරිසක්  පැමිණ  සිටියහ .

සන්දිම දේවප්‍රිය



Recommended Articles