කතරගම හිටපු ග්‍රාමසේවක වෙඩි තබාගෙන ජීවිතක්ෂයට


කතරගම ප්‍රදේශයේ  සේවය කර විශ්‍රාමික ග්‍රාම සේවා මහතකු වු අනුර වික්‍රමසිංහ මහතා සිය ගිනි අව්යෙන් වෙඩිතබා ගෙන (08)  වැනි  දින රාත්‍රි ජිවිතක්ෂයට පත්ව තිබේ.

කතරගම කදසුරිදුගම පිහිටි එම මහතාගේ නිවසේ කාමරයක් තුල මෙම සිය දිවි හානිකර ගෙන ඇත. කතරගම සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක් තුල ග්‍රාම සේවා නිළධාරියකු ලෙස අනුර වික්‍රමසිංහ මහතා  සේවය කර තිබේ.

පසුගිය දා කතරගම නව මත් පැන්හල කතරගම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල අනුර වික්‍රමසිංහ මහතා  ලේඛකයකු ලෙස පොත් 09 රචනා  කර තිබේ.

කතරගම හදිසි මරණ පරික්ෂක සමන් වික්‍රමසිංහ මහතාගේ සහ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු  සභාපති අසෝක වික්‍රමසිංහ මහතාගේ  වැඩිමහල්  සොයුරාදවේ. මෙම මරණය සම්බන්ධයෙන් කතරගම පොලිසිය පරික්ෂණ  පවත්වයි .



Recommended Articles