පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වී පාලනය කොට අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
පිළියන්දල තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි (53) හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා (26) දා උදෑසන ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලාකාරීව හැසිරී තිබේ.
ඒ අතරතුරදී අවට පිරිස පරුෂ වචන නොකියන ලෙසට දැනුම් දීමෙන් පසුව ඊට උරණ වී අසල නවතා තිබූ ලොරි රථයකට නැග ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් බෙල්ල කපාගෙන සියදිවි හානි කර ගන්නා බව පවසමින් කලහකාරීව හැසිරී තිබේ.
පසුව තත්ත්වය පාලනය කිරීමට අසල්වාසීන්ට නොහැකි වූ නිසා මේ බව පිළියන්දල පොලිසියට දැනුම් දීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කළේය.
පසුව අනාවරණය වී තිබුණේ කලාකාරීව හැසුරුණු පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයකුු බවයි.
ඒ අනුව ජනාධිපතිතුමා හමුවීමට බව පවසමින් පොලිසිය මැදිහත් වි එම පුද්ගලයා ලොරි රථයෙන් බිමට බස්සවා ගෙන එම ස්ථානයට ගෙන්වන ලද 1990 සුව සැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.
එම පුද්ගලයා අත තිබූ කඩුව පොලිස් භාරයට ගත් අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් නොමැත.සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.