කඩවත පැවැත්වූ මුහුණ පොතේ සාදය වටලයි


මුහුණු පොත හරහා සංවිධානය කොට කඩවත නගරයේ පිහිටි උත්සව ශාලාවක සාදයක් පවත්වමින් සිටියදී එම ස්ථානය වැටලූ බව ගම්පහ  සුරාබදු කාර්යාලය සදහන් කරයි. 

එම කාර්යාලයට ලද තොරතුරක් මත අදාල ස්ථානය වටලන ලද අවස්ථාවේ එහි තරුණ තරුණියන්  200 කට ආසන්න පිරිසක් සිටි බවත් මෙහිදී සාදයට පැමිණි පිරිසට මත් ද්‍රව්‍ය අලෙවි කිරීමට සූදානමින් සිටි බව කියන පුද්ගලයින් 14 දෙනෙකු සමග ඔවුන් සන්තකයෙහි තිබී අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3500 ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගනු ලැබූ බවත් එම කාර්යාලය පවසයි. 

මෙහි සිට ඇති පිරිස දුර ප්‍රදේශ ඇතුලු විවිධ ස්ථානයන්හි පදිංචි අවුරුදු18 - 25 අතර වයසේ පසුවන්නවුන් වන බවද අනාවරණය වී ඇත. 

මෙම වැටලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුරා බදු දෙපාර්තමේන්තු නිලධාරියෙකු සදහන් කර සිටියේ , මෙවන් සාද මීට පෙර වෙරළ තීරය ආශ්‍රිතව පවත්වාගෙන ගිය තත්ත්වයක් පැවතියද මේ වනවිට නගරවල පවා පැවැත්වීමට පියවර ගෙන ඇති බැවින් මෙවන් සාද පැවැත්වීමේදී විවිධ දුරාචාර ක්‍රියාවන් පවා සිදුවීම් මත තරුණ තරුණියන්ගේ වැඩිහිටියන් තම    දු දරුවන් යන එන තැන් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇති බවය.



Recommended Articles