කටුනායකින් තවත් ආසාදිතයින් 44


ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/20 දින සවස 4.00 දක්වා කාළය පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 44 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ රැකියා වල නියුතු සේවකයින් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ දක්වා සමස්ථ කොරෝනා ආසාදිත රෝගීන් 1,702 ක් වාර්තා වී ඇති අතර , කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ මේ දක්වා වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 268 දෙනෙකු බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයට පරිබාහිරව පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින් ගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/20 දින සවස 4.00 පමණ වනවිට කිසිදු කොරෝනා ආසාදිත සේවකයෙකු වාර්තා වී නොමැති අතර , ඒ අනුව මෙම කර්මාන්තශාලා වලින් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 25 ක් බවත් , ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් සොයා සමස්ථ පී.සී.ආර්.පරීක්ෂණ 25,971 ක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .

මේ අතර කටුනායක සීදුව මහජන සෞඛ්‍ය කොට්ඨාසය තුළ 10/20 දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 23 දෙනෙකු හදුනා ගෙන ඇති අතර ඔවුන් දොම්පේ සහ මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර , මෙම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ  කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 280 ක් බව ද කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල 



Recommended Articles