කටුනායකට ආපු ගුවන් යානා මත්තලට හා ඉන්දියාවට ගොඩබායි


කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා , කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත 11/26 දින රාත්‍රී  හරවා යවා තිබේ .

ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සහ මාළදිවයින මාළේ නුවර සිට පැමිණි ගුවන් යානා මෙන්ම අබුඩාබි සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

මීට අමතරව ජපානයේ නරීටා , ඩුබායි සහ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ .

එහෙත් 11/26 දින රාත්‍රී 09.00 චීනයේ චෙංඩු ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානය , වැසි තත්වය පැවතියත් , කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සමත් වී තිබේ .



Recommended Articles