කටුනායක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 68ක්


කටුනායක ප්‍රදේශයේ 05/22 දින කොරෝනා ආසාදිතයන් 68 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 55 දෙනෙකු 05/22 දින කොරෝනා ආසාදිතයන් ලෙස  වාර්තා වී සිටිති.

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 64 ක සේවය කරන සේවකයින් 2,011 දෙනෙකු මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ 05/22 දින කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී තිබේ .

ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,023 දෙනෙකු වාර්තා වී සිටිති .

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිතයන් 616 දෙනෙකු 05/22 දින වාර්තා වී ඇති අතර ,

ඔවුන් දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල් සහ අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් 447 දෙනෙකු ද , දිස්ත්‍රික්කය තුළ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 16 තුළින් කොරෝනා ආසාදිතයන් 169 දෙනෙකු ද වශයෙන් වාර්තා වී තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles