කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් තවත් ආසාදිතයින් 18ක්


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ඉන් පිටත පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 28 ක සේවකයින් 358 දෙනෙකුට  10/22 දින වනවිට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 21 ක සේවය කරන සේවකයින් 331 දෙනෙකුට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 07 ක සේවය කරන සේවකයින් 27 දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

එමෙන්ම ගත වූ පැය 24 ක කාළය තුළ කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා ආසාදනය වූ සේවකයින් 18 දෙනෙකු සොයාගෙන ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .

මේ අතර කටුනායක සීදුව මහජන සෞඛ්‍ය කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 22 දෙනෙකු සොයා ගත් අතර ඔවුන් වැඩි පිරිසක් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවකයින්ගේ දෙවන පෙළ ආශ්‍රිතයන් බව ද , ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා මිනුවන්ගොඩ සහ දිවුලපිටිය රෝහල් වෙත යොමු කර ඇති බවත් කටුනායක සීදුව පරිපාලන මහජන  සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය 

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles