කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ කොරෝනා ආසාදිතයන් 26ක්


කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ සේවය කරන 26 දෙනෙකුට අද දින  කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න  මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සිදුකල රැපීඩ් ඇන්ටිජන්  පරීක්ෂණ සහ පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් පිරිස අනාවරණය කර ගෙන තිබේ .

ඒ අනුව මේ දක්වා කාලය තුළ කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 50ක සේවය කරන 1037 දෙනකු මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ .

මෙසේ අද දින කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින කටුනායක නිදහස් වෙළඳ වෙළඳ කලාප සේවකයන් පිරිස දිවුලපිටිය මූලික රෝහල , වතුපිටිවල දිසා රෝහල සහ  ගම්පහ යක්කල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ බව කටුනායක කටුනායක-සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

 



Recommended Articles