කටුනායක කොළඹ සැප බස්වලට ගුවන් තොටුපොළට පිවිසිමට අවස්ථාව


ගුවන් මගීන්ගේ පහසුව වෙනුවෙන් කොළඹ - කටුනායක සුඛෝපභෝගී බස් රථවලට අද (10) සිට ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම අවසර ලබාදී ඇත.

පාස්කු ප්‍රහාරය එල්ලවීමත් සමග ආරක්ෂක අංශ විසින් සිදුකළ ඉල්ලීමකට අනුව  මෙම බස් සේවාව තාවකාලිකව ගුවන් තොටුපොළට ඇතුළත් කර ගැනීම  නතර කර තිබුණි. මෙම බස් රථවලට ගුවන්තොටුපොළ තුළ රැඳී සිට මෙම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොමැත.



Recommended Articles