කටුනායක කර්මාන්තශාලා 03 කින් කොරෝනා ආසාදිතයින් 06ක්


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 03 කින් කොරෝනා ආසාදිත රෝගීන් 06 දෙනෙකු 11/16 දින සවස 4.00 න් අවසන් පැය 24 තුළ දී වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 28 කින් කොරෝනා ආසාදිත රෝගීන් 457 දෙනෙකු වාර්තා වී ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

එසේම ගගම්පහ දිස්ත්‍රික්කය තුළින් 11/16 දින කොරෝනා ආසාදිත රෝගීන් 62 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව මේ දක්වා මෙම වෛරසය ආසාදිත රෝගීන් 4513 ක් දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති අතර , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 64,414 ක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles