කටුනායක කර්මාන්ත ශාලාවක ආහාර විෂ වෙයි


කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටිඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මීගමුව මහ රෝහල වෙත 10/19 දින දහවල්  ඇතුළත් කර තිබේ .

මෙම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 35 දෙනෙකු පමණ මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා ඇතුළත් කර තිබේ .

අධික වමනය සහ බඩයෑම නිසා මෙසේ මෙම සේවක සේවිකාවන් පිරිස රෝගී වී තිබේ.කටුනායක පොලිසිය සහ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .



Recommended Articles