කටුනායක PCR පරීක්ෂණ අරඹයි


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීම ඊයේ (01දා) සිට ආරම්භ කර තිබේ. ඒ අනුව මුලින්ම ඒ සඳහා යොමු කර තිබුණේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයන් පිරිසකි .

එමෙන්ම කටුනායක ගුවන් තොටුපළ තුළ පළමු වරට ගුවන් මගියෙකු ද පී.සී.ආර්.පරීක්ෂණ සඳහා භාජනය වීම සිදු විය. ඇය පකිස්තානයේ , ලාහෝර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1185 දරන විශේෂ ගුවන් යානයෙන් 6/01 දින රාත්‍රී 7.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඇය යුරෝපා සංගමයේ නිලධාරීවරියක් ලෙස කටයුතු කරන පකිස්තානු ජාතික කාන්තාවකි.

ඇය පී.සී.ආර්.පරීක්ෂණයට ලක් වීමෙන් පසු ගුවන් තොටුපළ සමීපයෙහි ඇති හෝටලයක නවාතැන් ගෙන , එම පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වූ පසුව ස්වයං නීරෝධායනය සඳහා පිටත්ව ගොස් තිබුණාය.



Recommended Articles