කටුනායක FTZ හි කර්මාන්ත ශාල දෙකක් වසා දැමීමට අවධානය


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වන සීඝ්‍රතාවය අනුව ඉදිරි දින වලදී රෝගය පාලනය කිරීම සඳහා ඇගලුම් කර්මාන්තශාලා 02 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කය තුළින් අද සවස වන විට  කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 79 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 1483 ක් රෝගීන් සොයාගෙන ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles