කටුගස්තොට රතිඤ්ඤා කර්මාන්තශාලාවක පිපිරීමක්


කටුගස්තොට හල්ලොලුව ප්‍රදේශයේ පිහිටි රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමක් හේතුවෙන් එක් කාන්තාවක් තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

එම රතිඤ්ඤා කර්මාන්ත ශාලාව පුපුරා යන අවස්ථාවේදී එහි සේවකයන් සුළු පිරිසක් පමණක් කර්මාන්ත ශාලාව තුළ සිට ඇති අතර ඒ හේතුවෙන් විශාල අනතුරක් මගහැරී ගොස් ඇති බවද පොලිසිය කියයි.

මහනුවර ගිනි නිවන ඒකකය සහ පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබූ අතර ගින්න හේතුවෙන් ශාලාවට දැඩි හානි සිදුව තිබෙන අයුරු දක්නට ලැබුණි.



Recommended Articles