ඔන්ලයින් පාස්පෝට් දින වෙන් කර ගැනීමේ දෝෂයක් නෑ


ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා පාස්පෝස් ලබාගැනීම වෙනුවෙන් දිනයක් වෙන් කරගැනීම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ කිසිදු ගැටලුවකින් තොරව සිදුවෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. අද පුවත්පත කළ විමසීමේ දී එම අමාත්‍යාංශය පැවසුවේ එහි කිසිදු තාක්ෂණික දෝෂයක් ඇති වී නොමැති බවය.

එම ක්‍රමවේදය තවදුරටත් පුළුල් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇමතුමක් ලබාදී දිනයක් හා වෙලාවක් වෙන් කරවා ගැනීමේ ක්‍රමය ද කඩිනමින් ආරම්භ කරන බවත්, මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුව හරහා දිනයක් හා වෙලාවක් වෙන් කරගනිමින් ජනතාව පාස්පෝට් ලබාගැනීමේ කටයුතු සාර්ථකව සිදු කරන බවත් අමාත්‍යාංශයෙන් කළ විමසීමේ දී පැවසුවේය.

වෙබ් පිටුවට පිවිසීමට අපහසුතා ඇති අය සඳහා 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතා ඊට අදාළව උපදෙස් ලබාගනිමින් දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත හැකි බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 



Recommended Articles