පළාත් පාලන මැතිවරණය කල් යෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ යොමුකළ අදහසකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ 'ඒ ඡන්දේ පුල්ලෙයාර්ගේ කසාඳේ වගේ' යනුවෙනි.
නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයේදී දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් පැවැත්වූ සාර්ථක සබඳතාව සම්බන්ධයෙන් සිය ෆේස් බුක් ගිණුමට ඔහු 'ඔහොම යං ඔහොම යං දිමුත් & මෙන්ඩා නියමයි' යනුවෙන් සටහනක් එක්කර තිබුණි.
මෙම සටහන තුළට අදහස් එක්කර තිබූ අය අතරින් එක් පුද්ගලයෙක් 'උදෙන්ම නැගිටල ක්‍රිකට් ගැන දාන්න ඕන එතකොට මිනිස්සුන්ට ප්ජන්ද අමතක වෙයි' යනුවෙන් සටහනක් පළකර තිබූ අතර එයට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර තිබුණේ,
"ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ ශිව දෙවියො කිව්වලු ඔයාගෙ කසාදෙ හෙට කියල. ගණ දෙවියන් ඒක ලියා ගත්තලු රන් පත්‍රයක. හැමදාම උදෙන්ම නැගිටලා ඒක බලන ගණදෙවියන් "ආ කසාදෙ හෙට" කියල එයාගෙ වැඩවල යෙදෙනවලු." යනුවෙනි.