එළැඹෙන වසරෙත් වාහන ආනයනය නොකිරීමට තීරණයක්


එළඹෙන වසරේදීත් වාහන ආනයනය නොකිරීම පැනවූ සීමාවන් තවත් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව් කළේය.

මෙරට ආර්ථිකයට බරපතල ඩොලර් හිගයකට මුහුණ පා ඇති අතර ඒ හේතුවෙන් පසුගිය මාස 4ක කාලයක් පුරා දැඩි ආනයන සීමා පැනවිය. ඒ අනුව තවදුරටත් 2022දී වාහන ආනයනය නොකිරීමට තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද කොළඹදී පැවති කිරි ගොවි සම්මේලන රැස්වීමේදීයි.



Recommended Articles