එල්ල වූ චෝදනා වලින් ෂාෆි නිදහස් කරයි - විඳපු දුකට අද නිමාවක් ලැබිලා තියෙනවා


මව්වරු වඳ කළ බවට චෝදනා කරමින් වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි  මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ සියුළු චෝදනා වලින් ඔහුව නිදහස් කරන ලෙස   කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (06දා) නියෝග කළේය.

ඒ අදාළ නඩුව අද කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එම අවස්ථාවේ වෛද්‍ය ෂාෆි මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියේය.

“අවංකවම ඉතාම සතුටු දායක දවසක් අද. අවුරුදු 05යි මාස 06ක්. අද වන විට බොරු චෝදනාවකට, තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා සමාජයක් මුල් කරගෙන මා සහ මගේ පවුලේ අය විඳපු දුකට අද නිමාවක් ලැබිලා තියෙනවා. ”



Recommended Articles